සිසුන්ගේ අත්පොත
පාඨමාලාවේ ආරම්භය හා බඳවාගැනීම් තොරතුරු ලබා ගැනීමට, කරුණාකර පාඨමාලා සම්බන්ධීකාරක හෝ දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය සමඟ සම්බන්ධ වන්න
මහාචාර්ය ජී. එදිරිසිංහ මිය - සම්බන්ධීකාරක - 19 වන කණ්ඩායම - olta.ruh@gmail.com
දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය - +94412223133 / ardceu@dceu.ruh.ac.lk
මෙම උපාධි පාඨමාලාව රුහුණ විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය යටතේ ලියාපදිංචි කර පරීක්ෂා කරනු ලැබේ. පීඨය වෙනුවට, මෙම වැඩසටහන විශ්වවිද්‍යාලයීය දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය විසින් මෙහෙයවනු ලැබේ. එමනිසා, ශිෂ්‍ය ජීවන චක්රයහි ලියාපදිංචියේ සිට උපාධි ප්‍රධානෝත්සවය දක්වා පිටත්ව යන තෙක් සියලු කාර්යයන් විශ්ව විද්‍යාල නීතිරීති යටතේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය විසින් මෙහෙයවනු ලැබේ.
පළමු කාණ්ඩය | දෙවැනි කාණ්ඩය | තෙවැනි කාණ්ඩය |
---|---|---|
සිංහල | සමාජ සංඛ්‍යානය | සමාජ සංඛ්‍යානය |
සමාජ විද්‍යාව | ආර්ථීක විද්‍යාව | පාලි |
දේශපාලන විද්‍යාව | භූගෝල විද්‍යාව | බෞද්ධ අධ්‍යයනය |
ඉතිහාසය | පුරා විද්‍යාව | පුරා විද්‍යාව |
පාලි | ආර්ථීක විද්‍යාව | |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) |
ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව හදාරන සියලූම විද්‍යාර්ථීයකු විසින් අනිවාර්ය ඉංග්‍රීසි පාඨමාලා සහ අනිවාර්ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඨමාලා ඒකක පදනම් පාඨමාලා ඒකක ලෙස හැදැරිය යුතුය. තවද, මෙම පාඨමාලාව සඳහා සීමාවාසික පුහුණුවක් ඇතුලත් වේ.