Awareness Session Recording - Awarding Ceremony 2023
2023.01.26
All students are advised to listen to the awareness session recording due to many important instructions being delivered on the session.
ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2023 - උපදෙස්
- පෙ.ව. 7.00 වන විට සියළුම ඩිප්ලෝමා හා සහතිකපත්‍රලාභීන් ලබා දී ඇති අනුක්‍රමික අංකය (නිල් පැහැති) පැළද, රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවනාගාරය ඉදිරිපිට ලබා දී ඇති අනුක්‍රමික අංකය අනුව පෙළ ගැසි සිටිය යුතුය.
- න්‍යාය පත්‍රයට අනුව ඔබ උත්සව ශාලාවට ඇතුල් කිරීමෙන් අනතුරුව උපකුලපති ප්‍රමුඛ මාණ්ඩලික පෙරහැර උත්සව ශාලාවට ඇතුල්වන විට ඔබ සියළුම දෙනා අසුනෙන් නැගී සිටිය යුතුය. උපකුලපතිතුමා වේදිකාවට පැමිණි විගසම විශ්වවිද්‍යාල ගීතය වාදනය කරනු ලැබේ. උපකුලපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය අසුන් ගැනීමෙන් අනතුරුව සියළු දෙනාටම අසුන්ගත හැකිය.
- පළමුව ඩිප්ලෝමාලාභීන්හට සහතික ප්‍රදානය සිදුකරන අතර, පසුව අනුපිළිවෙලින් උසස් සහතිකපත්‍රලාභීන්ට හා සහතිකපත්‍රලාභීන්හට සහතික පදානය සිදුකරනු ලැබේ.
- ප්‍රදානෝත්සවය ආරම්භ වූ පසු කණ්ඩායම් ලෙස වේදිකාව අසලට කැඳවා ඔබ වේදිකාවට යොමු කිරීමට කටයුතු කරන අතර, එහිදී ඔබ වෙත ලබා දී ඇති සුදු පැහැති අංකය වේදීකාවට ගොඩ වන අවස්ථාවේදි අනිවාර්යයෙන්ම ඉදිරිපත් කල යුතුය.
- වේදිකාව මතදී ඔබ වෙත ප්‍රදානය කරනුයේ සුභාෂිංශණ පණිවිඩයක් වන අතර, උත්සවය අවසන්වූ පසු ඩිප්ලෝමාලාභීන්ට ලෝගුව භාර දීමෙන් අනතුරුව තමුන්ට හිමි සහතිකය ලබා ගත හැකිවේ. එමෙන්ම තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව අනෙක් සිය`ථම සහතිකපත්‍රලාභින් සහතික ලබා ගැනීමට කටයුතු කළ යුතුය. (දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය මගින් නිකුත් කරනු ලැබේ.)
- ඡායාරූප ලබා ගැනීමේ පහසුකම් රුහුණ විශ්වවිද්‍යාලයේ සේවක විවේකාගාරය තුළ දී සිදුකර කෙරේ. (බුදු පිළිමය අසල)
- වාහන නතර කිරීමේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලීය ලංකා බැංකුව අසල රථ ගාල භාවිතා කල හැක. (වාහන අවසර පත්‍ර ඉදිරිපත් කල යුතුය)
- ඔබ වෙත ලබාදී ඇති ආහාර අවසර පත් දෙක භාවිතා කර උත්සවය අවසන් වූ පසු ශාලාව අසලදීම ආහාර ලබා දීමට කටයුතු යොදා ඇත.
වැඩිදුර තොරතුරු පහත ඇමුණුම් හරහා ලබා ගන්න .
Instruction Sheet 01 Instruction Sheet 02